ශකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්අඩංගුවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මෙන් ම හිටපු එරට අගමැතිනි ශීක් හසීනාගේ රජය යටතේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් අත්අඩංගුවට ගැනීමට නියෝග හිමි ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ මූල්‍ය බුද්ධි අංශය (BFIU) විසින් ශකීබ් සතු සියලුම ගිණුම් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බංග්ලාදේශ බැංකු ප්‍රකාශක Husne Ara Shikha විසින් එරට මාධ්‍ය වෙත ඊයේ (06) දිනයේ දී මෙම කරුණු අනාවරණය කළා.

මීට පෙර ද එනම් ඔක්තෝබර් 02 වැනි දා BFIU විසින් ශකීබ් සහ, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුට අයත් ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළඳපොළ හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙසයි.

එම පරීක්ෂණයෙන් පසුවයි රජයේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ෂකීබ් මේ වන විට සිය පවුලේ අය සමඟ අමෙරිකාවේ ජීවත් වනවා.

අවාමි ලීග රජය පසුගියදා පෙරලා දැමීමෙන් පසුව පත් වූ අන්තර් වාර රජයේ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ දී ශකීබ් හට සිය පාර්ලිමේන්තු අසුන ද අහිමි වූ අතර ඔහු අරගලය සමයේ ඝාතන නඩුවකට ද වග උත්තරකරුවෙකු ලෙස නම් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14