AFC Banner
AFC Banner
Empty Ad

වෝන් – මුරලි කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රෙලියාවට

2025 වෝන් – මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රෙලියාව සතු වුණා.

අද (29) පෙරවරුවේ තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේ දී එහි ජයග්‍රහණය නායක ස්ටීවන් ස්මිත් වෙත හිමි වුණු අතර ඔහු පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද පෙරවරු 10ට තරගය ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර වෝන් – මුරලි කුසලානය සඳහා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 07 වැනි වරටයි.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන්නෙකු ලෙස ජෙෆ්‍රි වැන්ඩර්සේ සහ නිෂාන් පිරීස් එක් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?