වෛරසය නිසා ඇතිවන අර්බුධය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවධානමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ගෝලීය අවිනිශ්චිතතාව සහ ආර්ථික අර්බුධයන් හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් අනතුරු අඟවා සිටිනවා.

සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් බ්‍රිතාන්‍යය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ කලාපීය මතභේද උත්සන්න වීම සහ ඔවුනොවුන් අතර විනිශ්චයේ දෝෂයන් අවසානයේදී පුළුල් ගැටුමකට තුඩුදිය හැකි බවයි.

”අප ජිවත්වන ලෝකය ඉතා අවිනිශ්චිත හා කණසල්ලට පත්ව ඇති මොහොතක. ගෝලීය තරගාකාරිත්වය අප සියලු දෙනාගේ ජිවිතවල අංගයක් බවට පත්වෙලා. මේ වන විට පවතින කලාපීය ගැටුම් ඉදිරියේදී කුමන මොහොතක හෝ ත්‍රිව වීමේ හැකියාවක් තිබෙනවා.

මෙය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවදානමක් ඇත්ද යන්න ගැන විමසු පැණයට බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් පිළිතුරු දෙමින් කියා සිටියේ ‘ එය අවදානමක්, එවැනි අවදානම් පිලිබඳව අප දැනුවත්විය යුතූ බවයි.’

විශාල අවදානම නම් මිනිසුන් සිතනවා යුද්ධයකට යෑම සාධාරණ දෙයක් කියලා. නමුත් යුද්ධයේ භිෂණය ගැන ඔබ අමතක නොකළ යුතුයි.

පසුගිය සියවස දෙක දෙස නැවත හැරී බැලුවහොත් වැරදි අර්ථකථනයන් හේතුවෙන් ලෝක යුද්ධ දෙකක් ඇතිවීම ගැන පැහැදිලිව පෙනී යන කරුණක්. ඉතිහාසය යලි පුනරාවර්ථතනය වීමට ඉඩ නොතැබීම වඩාත් වැදගත්” බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ අයවැයට පක්ෂව ඡන්දේ දීපු විපක්ෂ මන්ත්‍රීවරිය පක්ෂ මූලස්ථානයට
06:08
Video thumbnail
අජිත් පෙරේරා මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..විනාඩි 2න් කිව්වත් පැය බාගයෙන් කිව්වත් වැරදිනම් වැරදි
06:56
Video thumbnail
මම පාර්ලිමේන්තුව ආවේ තොසේ කන්න නෙමෙයි
01:16
Video thumbnail
අධ්‍යාපනයේ පියා ළඟට යන්න විපක්ෂය සැරසෙයි
05:55
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56


?