වෛරසය නිසා ඇතිවන අර්බුධය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවධානමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ගෝලීය අවිනිශ්චිතතාව සහ ආර්ථික අර්බුධයන් හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් අනතුරු අඟවා සිටිනවා.

සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් බ්‍රිතාන්‍යය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ කලාපීය මතභේද උත්සන්න වීම සහ ඔවුනොවුන් අතර විනිශ්චයේ දෝෂයන් අවසානයේදී පුළුල් ගැටුමකට තුඩුදිය හැකි බවයි.

”අප ජිවත්වන ලෝකය ඉතා අවිනිශ්චිත හා කණසල්ලට පත්ව ඇති මොහොතක. ගෝලීය තරගාකාරිත්වය අප සියලු දෙනාගේ ජිවිතවල අංගයක් බවට පත්වෙලා. මේ වන විට පවතින කලාපීය ගැටුම් ඉදිරියේදී කුමන මොහොතක හෝ ත්‍රිව වීමේ හැකියාවක් තිබෙනවා.

මෙය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවදානමක් ඇත්ද යන්න ගැන විමසු පැණයට බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් පිළිතුරු දෙමින් කියා සිටියේ ‘ එය අවදානමක්, එවැනි අවදානම් පිලිබඳව අප දැනුවත්විය යුතූ බවයි.’

විශාල අවදානම නම් මිනිසුන් සිතනවා යුද්ධයකට යෑම සාධාරණ දෙයක් කියලා. නමුත් යුද්ධයේ භිෂණය ගැන ඔබ අමතක නොකළ යුතුයි.

පසුගිය සියවස දෙක දෙස නැවත හැරී බැලුවහොත් වැරදි අර්ථකථනයන් හේතුවෙන් ලෝක යුද්ධ දෙකක් ඇතිවීම ගැන පැහැදිලිව පෙනී යන කරුණක්. ඉතිහාසය යලි පුනරාවර්ථතනය වීමට ඉඩ නොතැබීම වඩාත් වැදගත්” බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් සඳහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14