වෛද්‍ය සිසුවිය පැහැර ගත්ත සැකකරුගේ අමුතුම ඉල්ලීම (VIDEO)

පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියක්, ඇයගේ මෝටර් රථය සමඟ පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබුණා.

කරාපිටිය ප්‍රදේශයේ දී මෙම සිදුවීම වාර්තා වුණු අතර එහිදී වෛද්‍ය සිසුවිය තම සහෝදරිය සමඟ බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් අවශ්‍යාතවයක් සඳහායි. 

සහෝදරිය බැංකුවට ගොස් වැඩ කටයුතු කරගන්නා තුරු සිසුවිය විසින් මෝටර් රථයට වී සිට ඇති අතර එම අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු විසින් සිසුවිය සහ මෝටර් රථය පැහැර ගෙන ගොස් තිබුණා.

සිදුවීම සම්බන්ධයෙන් පැහැර ගැනීමට ලක්වූ සිසුවිය පවසා සිටියේ මෙවන් කතාවක්,

“කොණ්ඩෙන් අල්ලා කකුලට තියලා තද කරගෙන එයා එක අතින් ඩ්‍රයිව් කරා.. එතකොට මට මොකුත් කරගන්න බැරි හින්දා.. මම මොකුත් කරන්නේ නෑ ඉල්ලන ඕනම දෙයක් දෙන්න කාර් එක තියලා යන්න කිව්වා.. ඒ පාර එයා කිව්වා එයාට කාර් එක වැඩක් නෑ, මට ඕන සල්ලි විතරයි ඔය චේන් එකයි, බ්‍රේස්ලට් එකයි ගලවන්න කිව්වා.. මම චේන් එකක් දාලා හිටියේ නෑ, බ්‍රේස්ලට් එක විතරයි දාලා හිටියේ.. මම යන ගමන් බ්‍රේස්ලට් එක ගලව ගලව ගිහිල්ලා යන ගමන් කතා කර කර ගියේ.. මාව බස්සන්න ඒ කියන්නේ කාර් එක තියලා සල්ලයි බ්‍රේස්ලට් අරගෙන ඔයා යන්න, කාර් එක තියලා යන්න කියලා.. මම කරාබු දෙක ගලවලා දෙන්න හැදුවාමත් එපා කිව්වා.. කරාබු දෙක නම් එපාලු බ්‍රේස්ලට් එකයි, සල්ලි තිබුණාම ඇතිලු..”

අවසානයේ සැකකරු විසින් රුපියල් හැට දෙදහසක මුදලක් සහ රත්‍රං බ්‍රේස්ලට් එකද රැගෙන බලා ගොස් තිබුණා. 

අපරාධය සිදුකළ පුද්ගලයා විසින් තරුණිය රත්ගම නගරයෙන් බස්සවා, මෝටර් රථය වෙනත් ප්‍රදේශයක දමා පලා ගොස් තිබුණා. මෙලෙස අත්හැර දමා ගිය මෝටර් රථය රත්ගම පොලීසිය විසින් සොයා ගෙන තිබුණේ බුස්ස දැව සංස්ථාව ඉදිරිපිට තිබිය දීය.  

සිදුවීම සම්බන්ධව දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?