වෛද්‍ය සිසුවිය පැහැර ගත්ත සැකකරුගේ අමුතුම ඉල්ලීම (VIDEO)

පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියක්, ඇයගේ මෝටර් රථය සමඟ පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබුණා.

කරාපිටිය ප්‍රදේශයේ දී මෙම සිදුවීම වාර්තා වුණු අතර එහිදී වෛද්‍ය සිසුවිය තම සහෝදරිය සමඟ බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් අවශ්‍යාතවයක් සඳහායි. 

සහෝදරිය බැංකුවට ගොස් වැඩ කටයුතු කරගන්නා තුරු සිසුවිය විසින් මෝටර් රථයට වී සිට ඇති අතර එම අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු විසින් සිසුවිය සහ මෝටර් රථය පැහැර ගෙන ගොස් තිබුණා.

සිදුවීම සම්බන්ධයෙන් පැහැර ගැනීමට ලක්වූ සිසුවිය පවසා සිටියේ මෙවන් කතාවක්,

“කොණ්ඩෙන් අල්ලා කකුලට තියලා තද කරගෙන එයා එක අතින් ඩ්‍රයිව් කරා.. එතකොට මට මොකුත් කරගන්න බැරි හින්දා.. මම මොකුත් කරන්නේ නෑ ඉල්ලන ඕනම දෙයක් දෙන්න කාර් එක තියලා යන්න කිව්වා.. ඒ පාර එයා කිව්වා එයාට කාර් එක වැඩක් නෑ, මට ඕන සල්ලි විතරයි ඔය චේන් එකයි, බ්‍රේස්ලට් එකයි ගලවන්න කිව්වා.. මම චේන් එකක් දාලා හිටියේ නෑ, බ්‍රේස්ලට් එක විතරයි දාලා හිටියේ.. මම යන ගමන් බ්‍රේස්ලට් එක ගලව ගලව ගිහිල්ලා යන ගමන් කතා කර කර ගියේ.. මාව බස්සන්න ඒ කියන්නේ කාර් එක තියලා සල්ලයි බ්‍රේස්ලට් අරගෙන ඔයා යන්න, කාර් එක තියලා යන්න කියලා.. මම කරාබු දෙක ගලවලා දෙන්න හැදුවාමත් එපා කිව්වා.. කරාබු දෙක නම් එපාලු බ්‍රේස්ලට් එකයි, සල්ලි තිබුණාම ඇතිලු..”

අවසානයේ සැකකරු විසින් රුපියල් හැට දෙදහසක මුදලක් සහ රත්‍රං බ්‍රේස්ලට් එකද රැගෙන බලා ගොස් තිබුණා. 

අපරාධය සිදුකළ පුද්ගලයා විසින් තරුණිය රත්ගම නගරයෙන් බස්සවා, මෝටර් රථය වෙනත් ප්‍රදේශයක දමා පලා ගොස් තිබුණා. මෙලෙස අත්හැර දමා ගිය මෝටර් රථය රත්ගම පොලීසිය විසින් සොයා ගෙන තිබුණේ බුස්ස දැව සංස්ථාව ඉදිරිපිට තිබිය දීය.  

සිදුවීම සම්බන්ධව දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26


?