AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරයා දැරිය මිලදී ගෙන ඇත්තේ රුපියල් 20,000කට සියල්ල හෙලිවේ

බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.

එදින එම සැකකරු ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනයකර ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අධිකරණය හමුවට 
ඉදිරිපත්කරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කියාසිටියේ මෙම සැකකාර වෛද්‍යවරයා නාවික හමුදාවට අනියුක්තව ලුතිනන් කමාන්ඩර්වරයෙක් වශයෙන් ද කටයුතුකරන බවය.

සැකකාර වෛද්‍යවරයා “මහේෂ්” නැමැත්තෙකු මාර්ගයෙන් මෙම දැරියගේ සේවය ලබාගෙන ඇති බවද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණය කළේය.

ඒ අනුව, ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරු වන “රජිව්” නැමැත්තාගේ වාහනයෙන් මෙම දැරියව කොල්ලුපිටිය ප්‍රදේශයට රැගෙනවිත් සැකකරුට භාරදී තිබේ.

අතවරයටපත් දැරියගේ ජංගම දුරකථනයේ මෙම සැකකාර වෛද්‍යවරයාගේ දුරකථන අංකය තිබෙන බව සඳහන් කළ 
පොලීසිය මෙම දැරියට සැකකාර වෛද්‍යවරයා විසින් රුපියල් 20,000ක මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලින් අනාවරණය 
වී ඇති බවත් පැවසීය.

මෙම සැකකාර වෛද්‍යවරයාව යළි දුටුවහොත් හඳුනාගත හැකි බවට අතවරයටපත් දැරිය විසින් ප්‍රකාශකර ඇති හෙයින් 
මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතකර හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමුකිරීමට නියෝගයක් නිකුත්කරන 
ලෙසත් මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක්කර තිබුණි.

මෙහිදී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක රෝහල යන ආයතනවල කටයුතුකරන බව පැවසීය.

තම සේවාදායකයා මෙම දැරියගේ සේවය ලබාගැනීම සඳහා අදාළ හෝටලය වෙත ගිය බව ඔහු විසින් පිළිගන්නා නමුත් 
අදාළ හෝටලයේ දී එම දැරිය බාලවයස්කාර දැරියක් බව වටහාගත් විගසම ඔහු එම ස්ථානයෙන් වහා ඉවත්වී ගිය බව 
සැකකරුගේ නීතීඥවරයා සඳහන් කළේය.

අදාළ හෝටලයේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කළහොත් ඒ බව තහවුරු කරගත හැකි බව සඳහන් කළ නීතිඥවරයා දැරිය දුෂණය කළ බවට නැගෙන චෝදනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කරන බව අධිකරණය හමුවේ සඳහන් කළේය.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ පොලීසිය සඳහන් කළේ මෙම සැකකරු අතවරයට පත් දැරිය බාලවයස්කාර දැරියක් බව හොඳින්ම වටහාගෙන සිටි බවය.

මෙම සැකකරුගේ දුරකථන අංකය අතවරයටපත් දැරියගේ ජංගම දුරකථනයේ තිබීම තුළින් ඒ බව තහවුරුවන බව කී පොලීසිය, සැකකරු නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවට අතවරයටපත් දැරිය ප්‍රකාශකර ඇතැයි ද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාර වෛද්‍යවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

මෙහි දී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂාකරන බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සැකකරු ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනයකර ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

මේ අතර අතවරයට පත් දැරිය විවිධ පුද්ගලයින්ට විකිණීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිරෝද රථ රියදුරකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබුණි.

එමෙන්ම අදාළ දැරිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු වෙනුවෙන් නියමකර ඇති හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගුකරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් ඉදිරිපත්කරන ලද ඉල්ලීමක්ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් අද ප්‍රතික්ෂේප කළාය.

අදාළ සැකකරුවන් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත්කරමින් තමන් අදාළ දැරිය සිටි ස්ථානයට ගිය බවට පිළිගැනීමක් කරන බවත් ඒ අනුව ඔවුන් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත්කිරීම අනවශ්‍ය 
බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ විමර්ශන අවස්ථාවේ දී මෙවැනි දිවුරුම් ප්‍රකාශ මත හදූනාගැනීමේ පෙරට්ටු අවලංගුකිරිමට හැකියාවක් නොමැති බවය.

මේ අතර අතවරයටපත් දැරිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකළ වෙබ් අඩවි කිහිපයකට ශ්‍රී ලංකාව තුළදී පිවිසීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත්කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළාය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124වන වගන්තිය ප්‍රකාරව තමන්ට මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන බවය.

එහෙත් මෙවැනි ක්‍රියා තහනම් කිරීම සඳහා රජයේ ආයතන වෙත ප්‍රමාණවත් බලතල තිබෙන බව පෙන්වාදුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි කියා සිටියේය.

ඒ ඒ රාජ්‍ය ආයතන වලට තිබෙන බලතල උපයෝගී කරගනිමින් මෙම කාර්යය කිරීමට ඔවුන්ට හැකියාව තිබෙන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත් මෙම වෙබ් අඩවිවල කටයුතු පිළිබඳ කරුණු විමසීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නීති නිලධාරියෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරිය විසින් නොතීසි නිකුත් කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ තවත් ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ඉඩකඩ සලසාදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56
Video thumbnail
මාලිමාවේ ජන ගඟ දැක්ක හරිණි පුදුම වෙයි - "අද නුගේගොඩ හරිම ලස්සනයි"#anurakumaradissanayake #npp
07:56
Video thumbnail
මිනිහෙක්ටත් වඩා උස ගෑස් සිලින්ඩරේ ගාල්ලේ ජනපතිගේ රැළියෙන් හමුවෙයි
02:18
Video thumbnail
අන්තිම මොහොතේ හොඳම තුරුම්පුව ඇදපු මාලිමාව
11:27
Video thumbnail
අනුරට අද නුගේගොඩ සුපිරි ආරක්ෂාවක් #anurakumaradissanayake
05:00
Video thumbnail
එදා ගෝල්ෆේස් පිරෙව්වා වගේම අනුර අද නුගේගොඩ පුරවයි
04:17

?