වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක කොන්දේසි මත නිදහස්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සුදුසු ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.

තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රනායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස රීට් ආඥාවක් පෙත්සම්කරු පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සහ මාලිගාකන්ද මහේත්‍රාත්වරිය ඇතුළු පිරිසන් නම් කර තිබෙනවා.

පෙත්සමකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්යය රොමේෂ් ද සිල්වා, ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න යන මහත්තුරු පෙනී සිටියා.

පෙත්සම සැප්තැම්බර් 5 යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58