වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය නවතියි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ.

තමන්ගේ සංගමය සමග සාකච්ඡා කිරීමට පූර්වයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා ද හමු වූ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

නව රජ‍යේ අයවැය හරහා මූලික වැටුප් වැඩි කිරීම ගැන සතුටු වන බවත් රාජකාරී දීමනා, නිවාඩු දීමනා සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම මත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට සාකච්ඡා කළේ තම සංගමයේ මධ්‍යම කාරක සභාව ද කැඳවීමෙන් පසුව බවයි GMOA පැවසුවේ.

නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු කිරීමට පොරොන්දු වීමත් එයට කාලයක් ඉල්ලා සිටීමත් මත තාවකාලික ව වැඩ වර්ජනයෙන් ඉවත් වූ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46