තම සංගමය විසින් ඉදිරිපත් කර තිබෙන ගැටළු සඳහා රජය පාර්ශවයෙන් සාධනීය පිළිතුරු නිලබිම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ වන විට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 06ක් ක්‍රියාත්මක කර තිබෙනවා.
රජයේ රෝහල්වල නොමැති ඖෂධ, බාහිරව ලබා ගැනීම සඳහා ඖෂධ තුණ්ඩු නිකුත් නොකිරීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගද ඊට අයත් වනවා.
කෙසේ වෙතත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට තවදුරටත් තීව්‍ර කරමින් ක්‍රියාතමක කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු මෙන්ම සමස්ත නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටළු සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය අමාතවරයා මෙන්ම අදාළ පාර්ශව දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සදහා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී මේ වන විට එම පොරොන්දු අමතක කර දරදඬු ආකාරයෙන් තවදුරටත් ක්‍රියාත්මක වන නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේදී තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.
ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.













