වෛද්‍යවරුන්ගෙන් රජයට තවත් රතු එළියක්

තම සංගමය විසින් ඉදිරිපත් කර තිබෙන ගැටළු සඳහා රජය පාර්ශවයෙන් සාධනීය පිළිතුරු නිලබිම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ වන විට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 06ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රජයේ රෝහල්වල නොමැති ඖෂධ, බාහිරව ලබා ගැනීම සඳහා ඖෂධ තුණ්ඩු නිකුත් නොකිරීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගද ඊට අයත් වනවා.

කෙසේ වෙතත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියට තවදුරටත් තීව්‍ර කරමින් ක්‍රියාතමක කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු මෙන්ම සමස්ත නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටළු සම්බන්ධයෙන් මීට පෙර සෞඛ්‍ය අමාතවරයා මෙන්ම අදාළ පාර්ශව දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සදහා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී මේ වන විට එම පොරොන්දු අමතක කර දරදඬු ආකාරයෙන් තවදුරටත් ක්‍රියාත්මක වන නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියේදී තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.

ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44