වෛද්‍යවරියට යුක්තිය ඉල්ලා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදු කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද දින (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනු ඇති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම විධායක කමිටුව ඊයේ (11) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පෙරේදා (10) රාත්‍රී 06.30 ත් 07ත් අතර කාලයේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් සඳහා රජයෙන් වෙන් කර ඇති නිල නේවාසික නිවසක් තුළ යි.

32 හැවිරිදි වියෙහි පසුවන අදාළ වින්දිත වෛද්‍යවරිය පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර ඇය තම රාජකාරි සේවාව අවසන් කර පස්වරු 06.30ත් 07ත් අතර කාලයේ දී නිල නිවාසයට පැමිණ තිබෙනවා.

සැකකරු වෛද්‍යවරියගේ පසුපසින් පැමිණ ඇයගේ ගෙලට තියුණු ආයුධයක් තබා බිය ගන්වා, ඇය ලවා ම දොර විවෘත කරගනිමින්, මුඛය, අත් – පා ගැටගසා ඇයට මෙම ලිංගික හිංසනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවත්, ඔහු අප‍රාධය සිදු කර වෛද්‍යවරියගේ දූරකථනය ද රැගෙන ගොස් ඇති බව ද සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව හෙළි ව තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ දහවල් වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය හැරුණුකොට සෙසු ප්‍රතිකාර අංශ අඩපණ වුණා.

ඒ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බල කරමින්.

නමුත් පොලිස් විමර්ශන කණ්ඩායම් 05ක් ඔස්සේ විමර්ශන සිදු කෙරුණ ද සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැහැ.

එබැවින් දිවයින පුරා මෙම වෛද්‍ය වැඩ වර්ජනය සෞඛ්‍ය අංශවල (රෝහල්වල) සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46