වෛද්‍යවරියට නොහොබිනා වැඩ කළ සැකකරුව පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට අකටයුතුකම් කළ සැකකරු ව පොලිස් භාරය යටතේ පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි ව තිබෙනවා.

ඒ අද (13) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එමෙන්ම සැකකරුට නීතියෙන් සැඟවී සිටීමට ආධාර, අනුබල දෙමින් වරදට සහාය දීමේ චෝදනාවට ඊයේ රාත්‍රියේ දී ම ගල්නෑව – නිදිකුම්බායාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු එම සැකකරුගේ සහෝදරිය සහ සහෝදරියගේ සැමියා එළඹෙන 14 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුගියදා (10) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුවෙමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට අකටයුතුකම් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා පලා ගොස් සිටියදී විශේෂ කාර්‍යය බලකාය සහ පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් පසුව අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරු සිදුවීම සිදුවන දිනයේ දී වෙනත් වරදකට රක්ෂිත බන්ධනාගාරගත ව සිට අධිකරණයෙන් ඇප ලැබී එය අවසන් ව නැවත නිවස කරා යන ගමනේ දී වෛද්‍යවරිය ව දුටු බව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුව තමන්ට මුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමට අවශ්‍ය වූ බවත්, එම අවස්ථාවේ දී මෙම වෛද්‍යවරියව දුටු බවත්, එම පරිශ්‍රයේ ඇය හැර කිසිවෙකු නොසිටීම හේතුවෙන් තමන් නේවාසිකාගාරය වෙත ගමන් කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

කෙසේවෙතත් මෙම සිදුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය වෘත්තික කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

එබැවින් හදිසි ප්‍රතිකාර සේවා, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල හැරුණුකොට සෙසු සියලු ම රජයේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර ලබාදීම් පවා ඇනහිටියා.

මේ තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත ආ ජනතාව පත් වූයේ ද දැඩි අපහසුතාවකටයි.

කෙසේවෙතත් ඊයේ පෙරවරු 10 පමණ වන විට සැකකරු අත් අඩංගුවට ගැනුණ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ අද (13) පෙරවරු 08 වන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

නමුත් අද පෙරවරු 08ට දීප ව්‍යාප්ත වර්ජනය අවසන් කෙරුණ ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනය අඛණ්ඩ ව සිදු කිරීමට තීරණය කෙරුණ ද, බලධාරීන් සමග කළ සාකච්ඡාවෙන් පසුව ආරක්ෂාව තහවුරු කළ බැවින් එම වර්ජනය ද අත්හිටුවීමට පියවර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?