වේලිඔයේ දියනෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතුගේ සිරුරු සොයාගැනේ

හල්දුම්මුල්ල – කළුපහන පාලම් දෙක අතර වේලි ඔයේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ පියාගේ සහ පුත්‍රයාගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

පාලමේ සිට මීටර 800 ක පමණ දුරින් ගල්පර අතර සිරවී තිබියදී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පියාගේ වයස අවුරුදු 52 ක් වන අතර, පුත්‍රයාගේ වයස අවුරුදු 14 ක්.

වේලි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ එක්වරම එහි ජලය වැඩිවීමෙන් ඊයේ ඔවුන් මෙම අනතුරට ලක්වුණා.

එහිදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?