වේලාසනින් එක්දින තරගාවලි ජයකට සැරසෙන ශ්‍රී ලංකාව අද පස්වරුවේ පිටියට

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා.

සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගය පල්ලෙකැලේ දී ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඒ අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් වේලාසනින් ම මව්බිමේ දී කිවියන්ට එරෙහිව ලබන 19 වැනි එක්දින තරගාවලි ජය මෙය වන නිසාවෙන්.

නැතහොත් තුන්වැනි එක්දින තරගය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් කරගැනීමටත්, තරගාවලි ජයග්‍රහණය ගැන කිවියන්ටත් සිහින දැකීමට නම් අද තරගය නියත වශයෙන් ම නවසීලන්තය ජයග්‍රහණය කළ යුතු වනවා.

දෙරට අතර එක්දින තරග 103ක් මෙතෙක් පවත්වා ඇති අතර එහි වැඩිම වාසි ප්‍රමාණයක් තරග 52ක් ජයගනිමින් කිවියන්ට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 42ක් පමණයි.

තරග අත් හැර දැමීම් 08ක් ඇති අතර සමවීම් එකක් පවතිනවා.

ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටත නවසීලන්තයට එරෙහිව තරග 12ක් දිනා ඇති අතර නවසීලන්තය දිනා ඇත්තේ තරග 08ක් පමණයි.

අද තරගය සුපුරුදු පරිදි නායකත්වය චරිත් අසලංක සහ කිවි නායක සැන්ට්නර් විසින් මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?