AFC Banner
AFC Banner
Empty Ad

වේයන්ගොඩ නිධන් හාරන්න උසාවි නියෝග දුන්නේ නෑ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

වේයන්ගොඩ අධිවේගී මාර්ගය ආසන්නයේ ප්‍රදේශයක පසුගියදා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් නිධන් ගොඩගැනීම නඩු තීන්දුව සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඩී. තුසිත මෙන්ඩිස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් පළ කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙරට අධිකරණ පද්ධතියෙන් කිසිදු ලෙසකින් නිධානයක් ගොඩගැනීම වෙනුවෙන් නඩු තීන්දුවක් හෝ නියෝගයක් ලබා දී නොමැති බවයි.

2024 නොවැම්බර් මස 06 වැනි දින වේයන්ගොඩ කැණීම් කළ ස්ථානයේ දිගින් දිගටම පුරාවස්තු සොයා නීතිවිරෝධී කැණීම් සිදුවන බැවින්, සැකකරුවන් බොහෝ පිරිසක් අදාළ ස්ථානයේ හොර රහසේ කැණීම් කරමින් සිටියදී අත් අඩංගුවට ගැනීම හේතුවෙන් එම ස්ථානයේ සත්‍ය වශයෙන් ම යම් පුරාවස්තුවක් ඇති දැයි සොයා බැලීමට පමණක් අධිකරණය මගින් නියෝග කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව තවත් අංශ කිහිපයක් එක් කරගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එම ස්ථානයේ කැණීම් කටයුතු කෙරුණු බවත් එහි කිසිදු වටිනාකමක් සහිත නිධානයක් හෝ වෙන යම් දෙයක් නොතිබූ බවත් තම පාර්ශ්වය මගින් අත්තනගල්ල අධිකරණය වෙත දැනුම්දුන් බව ද තුසිත මෙන්ඩිස් මහතා පැවසුවා.

නමුත් සමාජයේ මේ වනවිටත් තවමත් අධිකරණයක් මගින් නිධානයක් ගැනීමට නියෝග කර ඇතැයි ආදී වශයෙන් ප්‍රවෘත්ති පළ වීම දැඩි ගැටලුවක් බවත් ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මෙලෙස පවත්වා කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි හැඟුණු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන මහතා පැවසුවේ; පුරාවස්තු යනු මිනිස්සු කළ නිර්මාණ මිසෙක ස්වාභාවික ව හටගත් ඒවා නොවන බවත්; අතීතයේ සිට මේ දක්වා හමු වූ ඉපැරණි දේ මිනිසුන්ගේ නිර්මාණ මිසෙක ඒවා නිධන් නොවන බවයි.

එමෙන්ම යම්කිසි පුරාවස්තුවක් පිළිබඳ ව කැණීම් කරනුයේ අදාළ ස්ථානයේ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව බව ද හෙතෙම සඳහන් කළා.

එබැවින් මෙම කැණීමට ‘නිධන් හෑරීම’ වැනි වචන පවා යෙදීම නොගැළපෙන්නේ මෙය හුදෙක් ‘පුරාවස්තු සෙවීමක්’ මිසෙක නිධානයක් සොයා ගිය මෙහෙයුමක් නොවන නිසාවෙන් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?