ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීගයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට තියුණු ජයක්

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය ඊයේ (22) ඉන්දයාවේ දී ආරම්භ වුණා.

තරගාවලිය අරඹමින් අසල්වැසියන්වන ශ්‍රී ලංකා සඳහා ඉන්දියාව පළමු තරගයේ දී එකිනෙකා මුණගැසුණා.

මෙම තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ඉන්දියාවට හැකියව ලැබුණා.

කරට කර පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කර ඉන්දියාව ලකුණු 04කින් ජයගත් අතර, ආරම්භයේ සිටම මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ස්ටුවර්ට් බිනී ලකුණු 68ක් රැස්කළ අතර යූසුෆ් පතාන් පන්දු 22ක් තුළ වේගවත් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ඉන්දීය මාස්ටර්ස් ඉනිමේ කඩුලු 02ක් බිද දැමුවා.

අනතුරුව ලකුණු 223ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට අවස්ථාව හිමි වූ අතර, උපුල් තරංග සමඟින් නායක කුමාර් සංගක්කාර ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා.

එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ කුමාර් සංගක්කාර අලංකාර හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 30ක් තුළ ලකුණු 51ක් රැස් කළා.

අසේල ගුණරත්න ලකුණු 37ක් සහ ජීවන් මෙන්ඩිස් පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 42ක් රැස්කළත් ඔවුන්ගේ එම ඉනිම් ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ, නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා මාස්ටර්ස් ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 218ක සීමා වුණා.

පන්දු යැවීමේ දී ඉර්ෆාන් පතාන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ඒ අනුව මෙම තරගය ලකුණු 04ක තියුණු ජයක් ඉන්දියාව හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55