ගනේමුල්ල සංජීවගේ ඝාතනයට තවත් තුනක් අල්ලයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ ඝාතන සිද්ධියට තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි අයෙක් අත්අඩංගුවට පත් තිදෙනා අතර වනවා.

ඊට අමතරව අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දුන් බවට දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි අයෙක් සහ චමෝද් ගිම්හාන නම් 19 හැවිරිදි අයෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12