කොළඹ – බදුල්ල බස් රථයක් තුළ පතොරම් පෙට්ටියක් (ඡායාරූප)

බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොල අසල දී බස් රථයක් තුළ තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඊයේ (22) දහවල් බණ්ඩාරවෙල නගරයේ දී පරීක්ෂා කිරීමේ දී මෙම ජීව පතරොම් තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම පතරොම් බස් රථයේ ගමන්මළු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක බහා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අදාළ පතොරම් තොගය බස් රථය තුළට ගෙන ආ පුද්ගලයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී අවි ආයුධ කිහිපයක් සොයා ගෙන
තිබෙනවා.

එහිදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02ක් සොයගත් බවයු පොලිසිය සඳහන් කළේ.

මේ සමඟ වයස අවුරුදු 26ක සැකකාරියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16