කොවිඩ් 19 වෛරසයට සමාන තවත් වෛරසයක් හඳුනාගැනේ

කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ HKU5-CoV-2 ලෙස මෙම වෛරසය නම්කර ඇති බවයි.

කොරෝනා වෛරස පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කටයුතු සිදුකළ “බැට්වුමන්” ලෙස හැඳින්වෙන ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වන ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් වෛරස් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන තිබෙනවා.

චීන පර්යේෂකයන් විසින් සොයා ගත් මෙම නව වෛරසයට SARS CoV-2 – කොවිඩ් වසංගතයට හේතු වූ වෛරසයට සමානකම් ඇති බව සඳහන්.

මෙම නව වෛරසයට ද ACE2 ලෙස හඳුන්වන මිනිස් සෛල තුළට ඇතුළු විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

රසායනාගාර පරීක්ෂණයකදී, විද්‍යාඥයින් HKU5-CoV-2, මිනිස් සෛල සංස්කෘතීන්ට ආසාදනය කිරීමට සමත් වූ බවයි විද්‍යාඥ කණ්ඩායම සඳහන් කරන්නේ.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද විද්‍යාඥයින් පවසනවා.

කෙසේ වෙතත්, මෙම නව වෛරසය මිනිසුන් තුළට පැතිරීමේ විභවය තව දුරටත් පරීක්ෂා කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12