වෙළෙඳ භාණ්ඩ සඳහා පාරිභෝගික අධිකාරියෙන් නව නීතියක්

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ශෝධිත පනතට අනුව සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි මිල, බර  ඇතුළු තවත් තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගිකයා සිල්ලර මිලට ගනු ලබන සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහිදි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල්ඉකුත් වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මඟින් සටහන් කර තිබීම අනිවාර්යය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?