Empty Ad
AFC Banner
Empty Ad

වෙළෙඳසැලක බලපත්‍රයක් අලුත් කරන්න අල්ලස් ගත් PHI හිරගෙට

ගලේවෙල ප්‍රදේශයේ වෙළෙඳසැලක බලපත්‍රයක් අලුත් කරදීම සඳහා එහි හිමිකරුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මාර්තු මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (17) නියෝග කළා.

ගලේවෙල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වන ඉසුරු බණ්ඩාර නමැත්තෙක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගලේවෙල වෙළෙඳසැල් හිමිකරුවෙකු වන ගෝවින්ද ධර්මරත්න නමැති අයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉකුත් 14 දින අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉකුත් 15 වැනි දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් සැකකරු මාර්තු මස 03 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

එම වෙළෙඳසැලට අදාළ 2025 වර්ෂය සඳහා වූ බලපත්‍රය අලුත් කර දෙන ලෙසට පැමිණිලිකාර පුද්ගලයා සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම කඩිනමින් ඉටු කරදීම සඳහා ඔහු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

පසුව පැමිණිලිකරු සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ දැනුම්දීමක් අනුව උපාය දූතයන් යොදවා සැකකරු අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>