වෙළෙඳසැලක් ඉදිරිපිටින් හමු වූ මළසිරුර

පහරදීමක් හේතුවෙන් මියගිය බවට සැක කරන පුද්ගල මළසිරුරක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ මනක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පයාගලගේ දොන් තුසිත කුමාර නමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා විවාහ නොවී කාන්තාවක් සමග වාසය කර මීට 15 වසරකට පමණ පෙර වෙන් වී ඇති අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන්ට දාව දරුවන් සිටින්නේ එම කාන්තාවගෙන් බවයි පොලිසිය පවසන්නේ.

මියගොස් ඇති තැනැත්තා ඊයේ (22) වැනිදා රාත්‍රියේ මනක්කුලම – දෙමටපිටිය ප්‍රදේශයේ දී කිසියම් පුද්ගලයෙකු සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එම අවස්ථාවේ දී පහරදීමක් ද සිදු වී ඇති බවයි.

පහරකෑමට ලක් වූ පුද්ගලයා සිය ඥාති පුතෙකු කැඳවාගෙන ඇති බවත්; පසුව ඔහු වෙළෙඳසැළක් අසල නැවතී ඇති අතර, ඥාති පුතා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පුද්ගල මළසිරුර හමු ව ඇත්තේ පහරකෑමට ලක් වූ පුද්ගලයා මගින් නැවතුණු වෙළෙඳසැල ඉදිරිපිටදියි.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33