වෙහෙරගල ජලාශයට දැමූ අවි ආයුධ ගොඩගැනීම අදත්

කතරගම – වෙහෙරගල ජලාශයට දැමූ බව කියන අවි ආයුධ සොයා අද (01) දිනයේදීත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

අප කළ විමසීමක දී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් සඳහන් කළේ, නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා මෙම සෝදිසි කිරීම් සිදුකරන බවයි.

හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු ලබාදුන් තොරතුරකට අනුව ඊයේ (30) පස්වරුවේ වොහෙරගල ජලාශයේ තිබී T-56 හිස් මැගසින් 74 ක්, LMG හිස් මැගසින් 36 ක් සහ MPMG හිස් ඩ්‍රෑම් 05ක් සොයා ගැනුණා.

ඊට අමතරව එම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 02ක් ද සොයාගෙන ඇති බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?