මැදපෙරදිග යුද්ධයේ නවතම තත්ත්වය ගැන සජිත්ගෙන් විග්‍රහයක්

මේ වන විට මැදපෙරදිග යුද්ධය තත්ත්වයේ දැඩි උත්සන්න වීමක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (29) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළා.

යේමනයේ වයඹදිග බල ප්‍රදේශය සහ සානා නගරය යටපත් කර ගෙන සිටින හූති කැරළිකරුවන් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වීමත සමඟ මෙලෙස යුදමය තත්ත්වයේ උත්සන්න වීමක් සිදුව ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

ඒ අනුව මෙම යුදමය තත්ත්වයේ උත්සන්න වීම සෘජුවම ශ්‍රී ලංකාවට පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

හූති කැරළිකරුවන් යුද්දයට සම්බන්ධ වූ නිසා රතු මුහුද, මධ්‍යධරනී මුහුද, අරාබි මුහුද, ඉන්දියානු මුහුද ආදී සියල්ලම එකට එකතු කරන සමුද්‍ර සන්ධියක් ලෙස සැලකෙන බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධියට බලපෑම් රැසක් එල්ල වී ඇති බවත් එම සමුද්‍ර හරහා ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලද බලපෑම් සිදුව ඇති බැවින් ඒ හරහා ශ්‍රී ලංකාවට ද සෘජු බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සහ මුහුදෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ප්‍රමාද වීමක් විය හැකි බවට විපක්ෂ නායකවරයා පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ගාස්තු ඉහළ යාම වැනි දෛනික ජීවිතයේ වියදම් ද ඉහළ යා හැකි බවට ඉපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

එමෙන්ම හූති කැරළිකරුවන්ගේ ක්‍රියාකලාපයේ බලපෑම මත සාම කලාපයක් වන ඉන්දීය සාගරය යුද කලාපයක් විය හැකි බව විපක්ෂ නායකවරයා පවසනවා.

එමෙන්ම කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් ඉල්ලා ඇති බවට දන ගැනීමට ලැබී ඇති බව පවසන විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඒ හරහා මෙරට සෛරීත්වයට බලපෑම් එල්ල විය හැකි බවයි.

හූති ප්‍රහාර හරහා ලංකාවට වැඩි පිරිවැයක් ඉදිරියේ දී දැරීමට සිදුවන නිසා වත්මන් රජය මේ සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, සිදුවන බලපෑමට රජයට විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

  1. අපි ආසයි ඒ කතාව අහන්න. පොඩි ආතල් එකක් ගන්න පුළුවන් drink එකක් දාගෙන.
    කොහෙද ඒ තුමා කතා කරේ.. කොහේ වුනත් කමක් නෑ. අලුත් යමක් දැන ගන්න පුලුවන්නෙ😃🤪



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56