වෙසක් පොහොය දා මත්පැන් වැඩි මිලට දුන් අයෙක් අත් අඩංගුවට

සුරා බදු රෙගුලාසි උල්ලංඝනය කරමින් වෙසක් පොහෝය යෙදී ඇති අද (12) දින පොල්ගහවෙල තානායම තුළ වැඩි මිලට මත්පැන් බෝතල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසනවා.

පොල්ගහවෙල තානායම තුළ වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට එම ප්‍රදේශයේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

එහිදී සංස්ථාවේ මත්පැන් (මිලිලීටර් 750) බෝතල් 11ක්, නමක් සඳහන් නොමැති පුරවන ලද (මිලි ලීටර් 180) කුඩා බෝතල් 16ක් හා බියර් ටින් 25ක් සමග දැනට තානායම පවත්වාගෙන යන පොල්ගහවෙල වැලිකඩහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වනවා.

මෙම මත්පැන්වල වටිනාකම රුපියල් 70000කට අධිකයි.

සැකකරු සහ මත්පැන් තොගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34