මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදාගේ; සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දූරකථනයක් සොයාගෙන තිබෙනවා.
ඊයේ (12) එම කුටිය විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.
විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි බන්ධනාගාර කඳවුරේ දෙවන කඳවුරු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සෝදිසි කිරීම සිදු කර ඇත්තේ; බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුළයි.
එහි දී ජී.ඩබ්. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා භාවිත කළා යැයි සැක කෙරෙන සිම්පත් රහිත ජංගම දුරකථනයක් භාරයට ගෙන එය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
2
+1
+1
+1
+1













