AFC Banner
Empty Ad
Empty Ad

‘වෙලේ මාළු’ නමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ මාළු’ හෙවත් කුමාර නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ප්‍රධානතම ගෝලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය i හි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ පෙරේදා (17) දින කෙසෙල්වත්ත පොලිස් වසමේ HG1/සාන්චිආරච්චි වත්ත, කොළඹ 12 ප්‍රදේශයේ දීයි.

වැටලීමෙන් අත් අඩංගුවට ගත් සැකකරු සාන්චිආරච්චි වත්ත හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බවත් වාර්තා වනවා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 500 ක් සොයාගැනුණෑ.

කෙසෙල්වත්ත හා හංවැල්ල පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?