වෙල්ගමගෙන් ජනපතිට ලියුමක්

මැරයන්, දූෂිතයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවන්ට ලක්වූවන් නැවතත් අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම ගැන ජනතාව මෙන්ම පාර්ලිමේන්තු බහුතරය ද විරුද්ධ බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

කුමාර වෙල්ගම මහතා පවසන්නේ ජනතාවගේ විරෝධයට ලක්වූවන් අමාත්‍ය මණ්ඩලයට නැවත පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින අතර මෙය කුමක් හෝ බරපතල කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් කුමන තරාතිරමක හෝ වැරදිකරුවන්ට කඩිනමින් දඩුවම් ලබාදීමද ජනතාවගේ අපේක්ෂාවක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 එක ආ අනු ව්‍යවස්ථාවට අනුකූලව මේ මොහොතේ පාර්ලිමේන්තුවේත් ජනතාවගේත් බහුතර ප්‍රසාදය සහිත අමාත්‍ය මණ්ඩලයක් දේශපාලන පක්ෂ භේදයකින් තොරව පත් කර ගැනීම ඔබගේ යුතුකම සහ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළු නොවී පාර්ලිමේන්තු අනුකමිටු සභාපති පදවි පමණක් භාර ගන්නා බවට කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රකාශ කරන්නේ නම් එම පදවි සඳහා හිමි අමාත්‍ය වරප්‍රසාද නොගෙන ස්වේච්ඡාවෙන් ම සේවය කළ යුතු බවට ඔවුන්ට ද ප්‍රකාශ කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07