වෙරළබඩ – විවේකානන්ද පාරේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද පාර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

මෘතශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?