වෙබ් අඩවියකින් පිරමීඩ මූල්‍ය වංචාව සිදු කළ අඹු-සැමි යුවලගේ බැංකු වාර්තා කැඳවන්න – අධිකරණය

”එරාමිකල් ජෙනිසික්” නමැති වෙබ් අඩවියක් හරහා පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගෙන් 3000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින එරාමිකල් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා හා එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකාව වන ඔහුගේ බිරියගේ බැංකු ගිණුම් 12 ක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එරාමිකල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ(55) සහ ඔහුගේ බිරිය ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට එසේ නියෝග කෙරුණු අතර ඔවුන් දෙදෙනා දෙසැම්බර් මස 5 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණා.

සිද්ධියට අදාළ මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට අද ඉදිරිපත් කළා.

මෙම සැකකරුවන්ට මේ වනවිට බැංකු ගිණුම් 25000ක සංඛ්‍යාවක් තිබෙන බවත් තැන්පත්කරුවන් 3000ට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන එම පිරමීඩාකාර මූල්‍ය ආයතනයට මුදල් ආයෝජන කර ඇති බව ද නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම ව්‍යාජ පිරමීඩ ජාවාරම් මගින් මේ වන විට කෝටි 200 මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මුදල් වංචා කළ සැකකාර යුවළ කලක් විදේශගතව සිට පසුගියදා කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව මෙම පිරමීඩ ජාවාරම ලංකාවේ සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් 68 දෙනෙක් සහ එම ජාලයේ නායකයන් 30 දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31