වෙබ් අඩවියකින් පිරමීඩ මූල්‍ය වංචාව සිදු කළ අඹු-සැමි යුවලගේ බැංකු වාර්තා කැඳවන්න – අධිකරණය

”එරාමිකල් ජෙනිසික්” නමැති වෙබ් අඩවියක් හරහා පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගෙන් 3000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින එරාමිකල් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා හා එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකාව වන ඔහුගේ බිරියගේ බැංකු ගිණුම් 12 ක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එරාමිකල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ(55) සහ ඔහුගේ බිරිය ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට එසේ නියෝග කෙරුණු අතර ඔවුන් දෙදෙනා දෙසැම්බර් මස 5 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණා.

සිද්ධියට අදාළ මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට අද ඉදිරිපත් කළා.

මෙම සැකකරුවන්ට මේ වනවිට බැංකු ගිණුම් 25000ක සංඛ්‍යාවක් තිබෙන බවත් තැන්පත්කරුවන් 3000ට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන එම පිරමීඩාකාර මූල්‍ය ආයතනයට මුදල් ආයෝජන කර ඇති බව ද නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම ව්‍යාජ පිරමීඩ ජාවාරම් මගින් මේ වන විට කෝටි 200 මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මුදල් වංචා කළ සැකකාර යුවළ කලක් විදේශගතව සිට පසුගියදා කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව මෙම පිරමීඩ ජාවාරම ලංකාවේ සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් 68 දෙනෙක් සහ එම ජාලයේ නායකයන් 30 දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?