වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනිගෙන් එක්සත් ජනපදයට ආරාධනයක්

වෙනිසියුලාව සැමවිටම සාමයට කැපවී සිටින බවත්, එක්සත් ජනපදය සමඟ සමබර හා ගෞරවනීය සබඳතා කරා ගමන් කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් පවසනවා.

ජාත්‍යන්තර නීතියේ රාමුව තුළ සහයෝගීතාවයේ න්‍යාය පත්‍රයක් මත වෙනිසියුලාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසටයි ඇය ඇමරිකා එක්සත් ජනපදයට ආරාධනා කරන්නේ.

වෙනිසියුලාව සාමය, සංවර්ධනය, ස්වෛරීභාවය සහ අනාගතයක් සඳහා අයිතියක් ඇති බවයි වැඩබලන ජනාධිපතිනිය වැඩිදුරටත්.පවසන්නේ.

මේ අතර වෙනිසියුලාව මේ වනවිට පාලනය කරන්නේ එක්සත් ජනපදය බව පැවසූ ජනාධිපති ට්‍රම්ප්, මදුරෝගේ බලයේ සිටින ඉතිරි සහචරයින් මීට සහායවීමට අපොහොසත් වුවහොත් තවත් මිලිටරි ප්‍රහාරයක් ගැන නැවතත් අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.

මේ අතර නිකොලස් මදුරෝ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, එය ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතිහාසයක් සඳහා ප්‍රසිද්ධ කුප්‍රකට තදබදයෙන් පිරුණු සහ අපිරිසිදු පහසුකම අඩු මධ්‍යස්ථානක් බවයි වාර්තා වන්නේ.

අද (05) දිනයේ දී මදුරෝ සහ බිරිඳ සිලියා ෆ්ලෝරස්, ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කරන අතර, පිටු 25ක අධිචෝදනා පත්‍රයක් ඔවුන්ට එරෙහිව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
27
+1
3
+1
7
+1
3
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?