වෙන්නපුවේ කසිප්පු පානය කළ පිරිසගේ ජිවිත අහිමි වූ හේතුව හෙළිවෙයි

නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පානය කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වයන් මත ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 06 දෙනාගෙන් ඥාතීන් විසින් හදුනා ගත් 05 දෙනෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන විසින් ඊයේ (07) දිනයේ දී සිදු කරනු ලැබුවා.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමයනය බවට පත්වූයේ මීතෙල් ඇල්කොහොල් විෂ වීමන් මෙම මරණ සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය නිලධාරීවරයා විසින් මියගිය අයගේ සිරුරවල කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටද තීරණය කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ අනෙක් පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (080 දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
16
+1
3
+1
28
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?