වෙන්නප්පුව මුහුදේ දිය පහරට අතුරුදන් වූ තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

වෙන්නප්පුව – වෙල්ලමංකරය මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තිදෙනෙකුගේ සිරුර මේ වන විට (14) හමු වී ඇති නමුත් හලාවත දැදුරුඔයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර මෙතෙක් හමු වී නොමැති බව පොලීසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (13) සවස 5.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

මුහුදේ දිය නෑමට ගිය සිව්දෙනෙකු මුහුදු රළ පහරට හසු වී අතුරුදන් වී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ අතරින් බගවන්තලාව පදිංචි උදයකුමාර් නම් වූ 17 හැවිරිදි තරුණයෙකුව එම අවස්ථාවේදී ම බේරාගෙන 1990 ගිලන් රථයකින් මාරවිල
මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු අතරමග දී මියගොස් තිබෙනවා.

අතුරුදන් වී සිටි සෙසු තිදෙනාගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ මෙහෙයුමක් දියත් කළා.

එහිදී බගවන්තලාවේ පදිංචිකරුවන් වූ පලස්තියන් සරත් රාජ් (අවු:17) සහ පලස්තියන් අජිත් කුමාර් (අවු:17) යන සහෝදරයින්ගේ සිරුර හමු වී තිබෙනවා.

ඔවුන් සමග දිය නෑමට ගිය වෙන්නප්පුව – වයික්කාල පදිංචිකරුවෙකු වන සෙල්ලමුත්තු සෙල්වරාජ් (අවු:53) යන අයගේ සිරුර මෙතෙක් හමු වී නැහැ.

මේ අතර,13 වැනිදා සවස හලාවත දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි මාතලේ – උඩස්ගිරිය පදිංචිකරුවෙකු වන කේ.පී.රවීන්ද්‍ර දිනේෂ් (අවු:27) යන අය දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

එම අයගේ සිරුර ද තවමත් හමු වී නැහැ.

නාවුක හමුදාව සහ ප්‍රදේශවාසීන් අතුරුදන් වී ඇති අයවලුන්ගේ සිරුර සොයා මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34