spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි වැදුනු සද්ධන්තයෙක් මුලතිව් කැළේ ජීවිතයත් මරණයත් අතර සටනක

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝනකුලම් ප්‍රදේශයේ වෙඩිවැදීමෙන් නිරාහාරව සිටින වනඅලියෙකුට ප්‍රතිකාර කිරීම අද (19) දිනයේදීද සිදුකල බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසනවා.

උතුරු පළාත් වනජීවි පශු වෛද්‍ය බී. ගිරිධරන්ගේ ප්‍රධානත්වයෙන් වනජීවි නිලධාරීන් පිරිසක් විසින් වෙඩි වැදීමෙන් දැඩි අසාද්‍යව සිටින වනඅලියාට අද දිනයේදී පැය කිහිපයක්ම ප්‍රතිකාර කිරීම් සිදුකරනු ලැබීය.

මෙම වනඅලියා පසුගිය 16 වනදා කෝනකුලම් වැව් තාවුල්ල ප්‍රදේශයේ පිහිටි වතුරවලක වැටී සිටිනු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

මුලතිව් වනජීවි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී වන අලියාගේ පාදයකට වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලබා ඇවිදීමට නොහැකි තත්වයක සිටි ඇති බවටත් ඇවිදීමට නොහැකි වීමෙන් වනඅලියා දින කිහිපයක්ම නිරාහාරව සිටි ඇතැයිද වනජීවි නිලධාරීන් පැවසුවා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් විසින් වනඅලියාට ආහාර පාන ලබාදීමට පියවර ගත්තද වනඅලියා තුවාලය හේතුවෙන් දැඩි ලෙස දුර්වල වී සිටින අතරම වනඅලියාගේ තුවාල ඔඩුදුවා ඇති හෙයින් වනඅලියාගේ ජීවිතය පවාද අවධානම් තත්වයක පවතින බවයි වනජීවි නිලධාරීණ් පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?