AFC Banner
AFC Banner
Empty Ad

වෙඩි වැදුණු තනි දළයාට වන ජීවියෙන් ප්‍රතිකාර

වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටින කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් තනි දළ ඇතාට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කර තිබෙනවා.

දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බවටයි සැක කෙරෙන්නේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කළ දැනුම් දීමක් අනුව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු එම ඒකකයේ නිලධාරීන් පිරිසක් තනි දළයාට ප්‍රතිකාර කිරීමට අද පස්වරුවේ කටයුතු කළා.

අප වාර්තාකරු සඳහන් කළේ ඇතාට එල්ලවී ඇති වෙඩි පහරවල් රැසක් සිරුර පුරා දක්නට ලැබෙන බවයි.

ඇතාගේ ඉදිරි වම් පාදයේ පහළ කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබෙන අතර ඒවා බඳින තුවක්කු පත්තු වීමෙන් සිදු වන්නට ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඇතාගේ පසුපස පාදයක ඉහළ කොටසේ පිටකොන්ද හා බඩ ආශ්‍රිතව ද වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල කිහිපයක් දක්නට තිබෙනවා.

ඒ අනුව ඇතාගේ තුවාල හා සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ වනජීවී පශු වෛද්‍යවරුන් තීරණය කළේ ඇතා නිර්වින්දය කර තුවාල පිරිසිදු කර අවශ්‍ය බෙහෙත් ගල්වා ප්‍රතිකාර කිරීමටයි.

වෛද්‍ය නිලධාරීන් පවසන්නේ ඇතාට ජීවිත අවධානමක් නොමැති අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. එම සත්වයාට තවදුරටත් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය බව ඔවුන් සඳහන් කළා.

තුවාල ලබා ඇතාට ප්‍රතිකාර කිරීම ජාතික නාමල් උයන පිහිටි ගල්කිරියාගම රණවකන්ද රක්ෂිතයේදී සිදු කෙරුණු අතර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඊට ලැබී තිබුණා.

කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ වෙසෙන වයස අවුරුදු 50ක් පමණ වන තනි දළ ඇතාට උපතින්ම උරුමව ඇත්තේ එක් දළයක් පමණක් වන අතර ඒ හේතුවෙන් එම ඇතා වනසත්ව ලෝලීන් අතර තනි දළයා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

එම ඇතාගේ දළය අඩි 03ක පමණ දිගකින් යුක්ත වන අතර වට අඩි එකක් පමණ වනවා. වනජීවී පශු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන එම තනි දළයා ගල්කිරියාගම, රණව, මොරොත්තේගම, උල්පතගම ආදී ප්‍රදේශවල සැරිසරමින් සිටින අතර එම ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?