වෙඩි වැදුණු තනි දළයාට වන ජීවියෙන් ප්‍රතිකාර

වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටින කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් තනි දළ ඇතාට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කර තිබෙනවා.

දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බවටයි සැක කෙරෙන්නේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කළ දැනුම් දීමක් අනුව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු එම ඒකකයේ නිලධාරීන් පිරිසක් තනි දළයාට ප්‍රතිකාර කිරීමට අද පස්වරුවේ කටයුතු කළා.

අප වාර්තාකරු සඳහන් කළේ ඇතාට එල්ලවී ඇති වෙඩි පහරවල් රැසක් සිරුර පුරා දක්නට ලැබෙන බවයි.

ඇතාගේ ඉදිරි වම් පාදයේ පහළ කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබෙන අතර ඒවා බඳින තුවක්කු පත්තු වීමෙන් සිදු වන්නට ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඇතාගේ පසුපස පාදයක ඉහළ කොටසේ පිටකොන්ද හා බඩ ආශ්‍රිතව ද වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල කිහිපයක් දක්නට තිබෙනවා.

ඒ අනුව ඇතාගේ තුවාල හා සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ වනජීවී පශු වෛද්‍යවරුන් තීරණය කළේ ඇතා නිර්වින්දය කර තුවාල පිරිසිදු කර අවශ්‍ය බෙහෙත් ගල්වා ප්‍රතිකාර කිරීමටයි.

වෛද්‍ය නිලධාරීන් පවසන්නේ ඇතාට ජීවිත අවධානමක් නොමැති අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. එම සත්වයාට තවදුරටත් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය බව ඔවුන් සඳහන් කළා.

තුවාල ලබා ඇතාට ප්‍රතිකාර කිරීම ජාතික නාමල් උයන පිහිටි ගල්කිරියාගම රණවකන්ද රක්ෂිතයේදී සිදු කෙරුණු අතර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඊට ලැබී තිබුණා.

කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ වෙසෙන වයස අවුරුදු 50ක් පමණ වන තනි දළ ඇතාට උපතින්ම උරුමව ඇත්තේ එක් දළයක් පමණක් වන අතර ඒ හේතුවෙන් එම ඇතා වනසත්ව ලෝලීන් අතර තනි දළයා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

එම ඇතාගේ දළය අඩි 03ක පමණ දිගකින් යුක්ත වන අතර වට අඩි එකක් පමණ වනවා. වනජීවී පශු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන එම තනි දළයා ගල්කිරියාගම, රණව, මොරොත්තේගම, උල්පතගම ආදී ප්‍රදේශවල සැරිසරමින් සිටින අතර එම ඇතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18