වෙඩි තැබීමකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ පාසලක.

මෙහිදි ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරය හමුවේ 18 හැවිරිදි සැකකරුද මියගොස් තිබෙන අතර ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බවයි වාර්තා වන්නේ. මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට අමෙරිකානු බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?