AFC Banner
AFC Banner
Empty Ad

වෙඩි තබා මීගමුව – ලෙල්ලමේ දී තරුණයෙක් ඝාතනය කළ සිද්ධියට අයෙක් අල්ලයි

මීගමුව, දුංගල්පිටිය, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන කෙහෙල්ඇල්ල, බඩල්ගම ප්‍රදේශයේ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුට එරෙහිව මීගමුව මහාධිකරණයේ නැසූ දෙකක් විභාග වෙමින් පවතින බවට ද තොරතරු අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය කිරීමට පෙර සැලසුම් කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සහ ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (15) දින මීගමුව මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 12 වනදා උදෑසන කාලයේ සිදුකළ වෙඩි තැබීමකින් පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
12
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?