AFC Banner
Empty Ad
Empty Ad

වෘත්තීය වර්ජන තිබ්බත් මැතිවරණ රාජකාරිවලට සහාය දෙනවා – ග්‍රාම නිලධාරී එකමුතුව

වෘත්තීය ගැටලු පැවතීම හේතුවෙන් අකුරට වැඩ කළ ද, මැතිවරණ රාජකාරි නිසි අයුරින් ඉටු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

අද (29) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව මේ බව සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන් දීප ව්‍යාප්ත ව සිදු කරන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය මාස තුනක් පුරා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටලු සහ දීමනා සම්බන්ධයෙන් ඇති අර්බුදකාරී ප්‍රශ්න මුල් කරගනිමිනුයි ඔවුන්
මෙලෙස අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සිදු කරනු ලබන්නේ.

මැතිවරණයක දී ග්‍රාම නිලධාරීන් වෙත පැවරී ඇති සියලු රාජකාරි කටයුතු නිසි පරිදි සිදු කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සම සභාපති නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?