වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරලීමට විශේෂ මෙහෙයුමක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහාය ඇතිව, වෘත්තිය පුහුණු අමත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 311ම ආවරණය වන පරිදි ජුලි 04 වන දා පෙ.ව 8.00ට මෙම වැඩසටහන ආරම්භ කෙරෙනවා.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය කෙරුණා.

වසරකට සිසුන් ලක්ෂ 03කට ආසන්න පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර, එයින් 240,000කට පමණ විශ්වවිද්‍යාල වරම් අහිමි වනවා.

එම සිසුන් අතරින්, 125,000ක් පමණ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණ ආයතන වෙත ඇතුළත් වන අතර 50,000ක පමණ පිරිසක් වෙනත් අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන වෙත යොමු වනු ඇති.

ඒ අනුව, වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමි වන 175,000ක් පමණ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට නැඹුරු කිරීම සහ ඔවුන්ට අධ්‍යාපනයට සුදුසු පසුබිමක් හා පහසුකම් සපයා දීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන සිසුන් 125,000 සමඟ, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 10,000ක පමණ පිරිසක් සහ ප්‍රදේශවාසින්ද ඇතුළුව 160,000ක පමණ පිරිසක් එක්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහුද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරිහුද, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?