වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 20ක්

වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 20 ක මුදලක් වෙන් කිරිමට සුදානම් බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම සිදු කරන්නේ වී අලෙවි මණ්ඩලය මගින් නොවන අතර වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100ක් බැගින් මිල දී ගැනීමට යි කටයුතු යොදා ඇත්තේ.

ඒ සඳහා මින් පෙර රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිල දී ගන්නා වී මාස දෙකක් යන තෙක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් ලබා දීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහනය ලබා දීමට කලින් තීරණය කර තිබු නමුත් පසුව ජනාධිපතිවරයා එම පවුල් සංඛ්‍යාව ලක්ෂ 29ක් දක්වා වැඩිකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?