AFC Banner
AFC Banner
Empty Ad

වී අලෙවි මණ්ඩලයට ගොවීන් තවමත් වී විකුණා නැහැ

මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භවීමත් සමඟ වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර මේ වනවිට දින දෙකක් ගතව තිබෙනවා.

කෙසේ වෙතත් ගොවීන් විසින් එම මණ්ඩලයට තවමත් වී අලෙවි කර නොමැති බවයි එහි සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද සඳහන් කළේ.

වී මිලදී ගැනීම වෙනුවෙන් වී ගබඩා 40 කට අධික සංඛ්‍යාවක් සූදානම් කර ඇති බවත්, ඉදිරියේ දී අස්වැන්න නෙළීම ඉහළයත්ම ගොවීන් වී අලෙවි මණ්ඩලය වෙත වී අලෙවි කිරීම සිදුකරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

වී අලෙවි මණ්ඩලය හරහා රජය විසින් වී මිලදී ගනු ලබන මිල ගණන් පසුගිය 05 වනදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියලක් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බවයි රජය නිවේදනය කළේ.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ රජය විසින් නියම කළ මිල ගණන් වී කිලෝවක් සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?