AFC Banner
Empty Ad
Empty Ad

වීසා නැති වුණු සන්දීප් ලමිච්චනේට ලෝක කුසලානය මඟ හැරෙයි

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලමිච්චනේගේ ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු ඇමරිකානු වීසා සඳහා අවස්ථා දෙකක දී අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඔහුගේ වීසා අයදුම්පත්‍රය දෙවනවරටත් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වුණේ.

ඔහුගේ මූලික අයදුම්පත පසුගිය සතියේ ප්‍රතික්ෂේප වූ අතර, ඉන් පසුව නේපාල ක්‍රිකට් සංගමය සහ නේපාල රජය ඔහු වෙනුවෙන් මැදිහත් වූ නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූයේ නැහැ.

නේපාල කණ්ඩායමේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන ලමිචනේ 2022 ඔක්තෝම්බර් මාසයේදී 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහුට ක්‍රිකට් තහනමක් පැනවීමට නේපාල ක්‍රිකට් සංගමය කටයුතු කළ අතර, 2024 ජනවාරි මාසයේ පැවති නඩු විභාගයකින් පසුව සාක්ෂි නොමැතිවීම නිසා මැයි මාසයේ දී පටාන් මහාධිකරණය විසින් ඔහුව නිදහස් කිරීමට කටයුතු කළා.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නේපාල ක්‍රිකට් සංගමය ඔහුට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
15
+1
1
+1
1
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?