වීසා නැති වුණු සන්දීප් ලමිච්චනේට ලෝක කුසලානය මඟ හැරෙයි

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලමිච්චනේගේ ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු ඇමරිකානු වීසා සඳහා අවස්ථා දෙකක දී අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඔහුගේ වීසා අයදුම්පත්‍රය දෙවනවරටත් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වුණේ.

ඔහුගේ මූලික අයදුම්පත පසුගිය සතියේ ප්‍රතික්ෂේප වූ අතර, ඉන් පසුව නේපාල ක්‍රිකට් සංගමය සහ නේපාල රජය ඔහු වෙනුවෙන් මැදිහත් වූ නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූයේ නැහැ.

නේපාල කණ්ඩායමේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන ලමිචනේ 2022 ඔක්තෝම්බර් මාසයේදී 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහුට ක්‍රිකට් තහනමක් පැනවීමට නේපාල ක්‍රිකට් සංගමය කටයුතු කළ අතර, 2024 ජනවාරි මාසයේ පැවති නඩු විභාගයකින් පසුව සාක්ෂි නොමැතිවීම නිසා මැයි මාසයේ දී පටාන් මහාධිකරණය විසින් ඔහුව නිදහස් කිරීමට කටයුතු කළා.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නේපාල ක්‍රිකට් සංගමය ඔහුට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
15
+1
1
+1
1
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06