Empty Ad
AFC Banner
Empty Ad

විසිඑක් ලක්ෂයක වටිනාකමකින් යුත් සහල් සමග ගෙනා සුනඛයින් – සැකකරුවන්ට මාංචු

වෙළෙඳසැල්වලට විකිණීමට සහල් කිලෝග්‍රෑම් 8750ක් ප්‍රවාහනය කළ ලොරියක් රියදුරු සහ එහි සහායකයා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ලොරි රථයේ සහල් තොග සමග සුනඛයින් දෙදෙනකු ද ප්‍රවාහනය කරමින් සිටියදියි බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද (04) පෙරවරුවේ දී බලංගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළෙඳසැලක් අසල දී ලොරි රථය නවත්වා සහල් මිටි බෑමට සූදානම් වන විට ලොරිය තුළ සහල් මිටි අතර මෙම සුනඛයින් දෙදෙනා සිට තිබෙනවා.

පසුව එම සිද්ධිය නගරයේ පුද්ගලයෙකු ජංගම දූරකථනයෙන් වීඩියෝගත කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය සහ එහි රියදුරු ඇතුළු සහායක අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පුද්ගලයා විසින් ලොරියේ සිටි සුනඛයන් වීඩියෝ කරන බව ලොරිරථ රියදුරු දුටු නිසා නිලධාරීන් පැමිණෙන විට සුනඛයන් දෙදෙනා ලොරියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා.

රුපියල් ලක්ෂ 21000 ඉක්ම වූ මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියෙන් ගෙනැවිත් තිබූ බවත් ඒවා තිස්සමහාරාමයේ සහල් මෝලකින් රැගෙනවිත් ඇති බව ද හෙළි වුණා.

සහල් තොගය සමග සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
20
+1
2
+1
2
+1
4
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>