AFC Banner
AFC Banner
Empty Ad

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ඇදහිය නොහැකි මුදල් ත්‍යාගයක්

ලබන මස 16 වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගයන් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ ශූරයින් හට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් ත්‍යාග මුදල වශයෙන් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 58 කට ආසන්න මුදලක් වනවා.

එමෙන්ම අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් පිරිනැමෙන අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 29 කට අධික මුදලක්.

මේ අතර සුපිරි 12 අදියරෙන් ඉවත් වන කණ්ඩායම් අටට ඩොලර් 70,000 බැගින් හිමිවන බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?