සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ එළඹෙන 03 වනදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමට හිසරදයක් විය හැකි ශ්රී ලංකා ක්රීඩකයින් කිහිප දෙනෙනෙකු පිළිබඳව ඉන්දීය හිටපු පිතිකරු ගෞතම් ගාම්භීර් අනාවැකි පළකර තිබෙනවා.
ඒ, අනුව එළඹෙන විස්සයි විස්ස තරගාවලිය තුළ කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂගෙන් ඉන්දීය කණ්ඩායමට වැඩි අභියෝගයක් එල්ල විය හැකි බවයි ඔහු පවසන්නේ.
ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වනදා මුම්බායි හිදී ආරම්භ වනවා.
දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය ලබන 05 වනදා පූනේ හිදී ආරම්භවන අතර, තුන්වන තරගය පැවැත්වෙන්නේ ලබන 07 වනදා රාජ්කොට් හිදීයි.
ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරගාවලිය ලබන 10 වනදා ආරම්භ වනවා.
මේ අතර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්රී ලංකා සහ ඉන්දීය සංචිත මේ වනවිට ප්රකාශයට පත්කර අවසන්.




