විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහනට රුපියල් මිලියන1,500ක මුදල් වෙන් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන් සංචාරකයින්ගේ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

2024 වසර වෙනුවෙන් විශාල සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට ‍රජය සැළසුම් කර ඇති බවත්; දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි රුපියල් මිලියන 34,000කට වැඩි මුදලක් මේ සඳහා වෙන් කර ඇති බව ද අනාවරණය වුණා.

එම සංවර්ධන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46