AFC Banner
AFC Banner
Empty Ad

විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහනට රුපියල් මිලියන1,500ක මුදල් වෙන් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන් සංචාරකයින්ගේ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

2024 වසර වෙනුවෙන් විශාල සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට ‍රජය සැළසුම් කර ඇති බවත්; දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි රුපියල් මිලියන 34,000කට වැඩි මුදලක් මේ සඳහා වෙන් කර ඇති බව ද අනාවරණය වුණා.

එම සංවර්ධන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?