විසඳුම් දෙකක් යෝජනා කෙරේ

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දෙදින විවාදයක් පැවැත්වීමට අද (05) පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබුණි.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විය.

කෙසේවෙතත් පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පක්ෂ නායකයින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ මෙම ගැටලුව විසදා ගැනීම සඳහා යෝජනා දෙකක් පවතින බවය.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සිදුකළ යුතු බව එම යෝජනා අතර වෙයි.

කෙසේවෙතත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවද කථානායකවරයා එහිදී පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර එසේ සිදු කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් ඒ සඳහා මන්ත්‍රීවරයෙකු ගෙනඑන යෝජනාවක් පාර්ලිමේන්තුවේ  දී සම්මත කරගැනීමට හැකි බවට අදහස් පළවී ඇති බව සඳහන්ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයකට යාමට ඇතැම් පක්ෂ නියෝජිතයින් එහිදී සිය අකමැත්ත පළ කර තිබුණි.

ඒ අනුව අවසන් එකඟතාවක් නොමැතිව පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ හෙට සහ අනිද්දා යන දෙදින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය වූ බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53


?