විසඳුම් දෙකක් යෝජනා කෙරේ

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දෙදින විවාදයක් පැවැත්වීමට අද (05) පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබුණි.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විය.

කෙසේවෙතත් පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පක්ෂ නායකයින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ මෙම ගැටලුව විසදා ගැනීම සඳහා යෝජනා දෙකක් පවතින බවය.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සිදුකළ යුතු බව එම යෝජනා අතර වෙයි.

කෙසේවෙතත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවද කථානායකවරයා එහිදී පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර එසේ සිදු කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් ඒ සඳහා මන්ත්‍රීවරයෙකු ගෙනඑන යෝජනාවක් පාර්ලිමේන්තුවේ  දී සම්මත කරගැනීමට හැකි බවට අදහස් පළවී ඇති බව සඳහන්ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයකට යාමට ඇතැම් පක්ෂ නියෝජිතයින් එහිදී සිය අකමැත්ත පළ කර තිබුණි.

ඒ අනුව අවසන් එකඟතාවක් නොමැතිව පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ හෙට සහ අනිද්දා යන දෙදින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය වූ බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56